පාරභෞමිකයන් සහ ඔවුන් ගේ හැසිරීම





බටහිර මාධ්‍යයන් විසින් පාරභෞමිකයන් සම්බන්ධ සිද්ධීන් වල ආරම්භය 1947 ලෙස හුවා දැක්වුවද එම සිද්ධීන් සම්බන්ධ කතා ඉතා ඈත අතීතය දක්වා පැතිර යයි. අතීතයේදී දෙවිවරු නැතිනම් යක්ෂයින් ලෙස සැලකූ පාරභෞමිකයන් අද වන විට හඳුන්වන්නේ පිටසක්වළ ජීවීන් ලෙසය. මෙය මහා පරිමාණයෙන් සිදු වූ CIA කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. එය අනෙකුත් රටවල් වල බුද්ධි අංශ නොමඟ යැවීම සඳහා ක්‍රියාත්මක වූ CIA විසින් මෙහෙය වන ලද ඉතා සාර්ථක ව්‍යාපෘතියකි. පාරභෞමිකයන් පිටසක්වළ ජීවීන් බවට මිනිසුන්ගේ මනසට මතයක් ඇතුලු කර ඇමරිකාව ඔවුන් සමග කටයුතු කරන බවට විවිධ මාර්ග වලින් ප්‍රචාරය කරවීම මගින් සමස්ත ලෝකයම නොමග යැවීමට CIA සංවිධානය කටයුතු කර තිබේ. මෙම විෂය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සිද්ධීන් සහ ගෙතූ කතා මගින් වසා දමා ඇති විෂයක් බවට පත් කර ඇත. සත්‍ය සිදුවීම් සහ ව්‍යාජ සිදුවීම් එකිනෙක වෙනස් කර හඳුනා ගත හැකි නොවන අයුරින් ඉදිරිපත් කර ඇති නිසා සමස්ථ විෂයම සිනහවට භාජනය වන දෙයක් බවට පත් කර ඇත. ඔවුන් එමගින් සැඟවීමට උත්සහ කරන්නේ කුමක් ද යන්න ඉතා සිත්ගන්නා සුළු ප්‍රශ්නයකි.

පාරභෞමිකයන් ගැන දළ වශයෙන් හෝ අදහසක් ලබා ගැනීමට නම් ඒ සම්බන්ධ සත්‍ය සිදුවීම් සියයකට වඩා කියවිය යුතුය. Jacques Vallee මහතාගේ Passport To Magonia නම් කෘතිය ඒ සඳහා වඩාත් සුදුසුම මූලාශ්‍රය බව මාගේ හැඟීමයි. පාරභෞමිකයන් සම්බන්ධ සිදුවීම් එකිනෙකට නොගැළපෙන, තනි අදහසකට ලඝු කල නොහැකි සිදුවීම් බව එම කෘතිය කියවීමෙන් ඔබ හට පැහැදිලි වනු ඇත. පාරභෞමිකයන්ගේ හැසිරීම වෙනත් ලෝකයකින් පැමිණි අයට වඩා දේව සහ යක්ෂයන්ගේ හැසිරීම් වලට සමානකමක් දක්වන බව ඒ සම්බන්ධව ක්‍රියා කරන පරික්ශකයින් විසින් හඳුනාගෙන ඇත.

පාරභෞමිකයන් සහ ඔවුන් ගේ යානා මවන ලද භෞතිකමය ප්‍රක්ශේපණයන් (physical projections) බව ඇතැම් පරීශකයන් පවසති. පාරභෞමිකයන් ගේ විකෘති සහගත අංග චලන රටා සහ පිපිරුනු යානා කොටස් වල Isotopic Metal Analysis ප්‍රතිඵලයන් මෙම සංකල්පයට සාක්ෂි සපයන බව ඔවුන් පවසති. පිපුරුනු යානා කොටස් වලින් 100% පිරිසිදු මැග්නීසියම් හමුවීම ද ඉතා වැදගත් සාක්ෂියකි.

පාරභෞමිකයන් සහ ඔවුන්ගේ යානා මිනිසුන් ඉදිරියේ පෙනී සිටිනුයේ හිතා මතාම බවත් එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවන බවත් ඔවුන්ගේ පෙනීසිටීම සහ ඔවුන් පවසනා දේවල් මිනිසුන් නොමඟ යැවීම අරමුණ කරගත් දෙයක් බව බොහෝ සිදුවීම් පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මිනිසා හට පාලනය කල නොහැකි මෙම සංසිද්ධිය භෞතිකවාදීන් යැයි කියගන්නා අය හට එල්ල කරන මරු පහරකි.